Skip to main content

Ambuluwawa

Vajiragnana Thero

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආගමික හා පරිපාලනය පිළිබඳ උපාධිය දිනා ගෙන ඇති මීවතුරේ වජිරඥාණ නාහිමි උඩුනුවර 

සංඝරාජ පිරිවෙනේ නියෝජ්‍ය විහාරාධිපති හා පරිපාලන ප්‍රධානියා ලෙසද කටයුතු කරන්නේය.උඩුනුවර ටිකිරි බෝගහගොඩ විහාරයේ  ප්‍රධාන විහාරාධිපති මෙන්ම උඩුනුවර  ප්‍රධාන අධිකරණ,සංඝනායක ලෙසද කටයුතු කරන උන්වහන්සේ  සාමවිනිසුරු (මුළු දිවයින)තනතුරද හොබ වන්නේය.වසර 33 කට වැඩි අඛණ්ඩ බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ පළපුරුද්දක් ඇති නාහිමියෝ ශ්‍රී සංඝරාජ දහම් පාසලේ නිර්මාතෘවරයාය. ළමා හා තරුණ දරුවන් ගේ  ආධ්‍යාත්මික ගුණධර්ම පෝෂණය කිරිම උදෙසා ඤාණෝදය පාඨක සංගමයේ නිර්මාණය කල උන්වහන්සේ  ගොඩරුගම සහ 

අවට ප්‍රදේශවල ආගමික සේවාවන්, සුභසාධන වැඩසටහන් සහ අන්තර් ආයතනික සිදුවීම් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වන්නේය. තමන් වැඩවාසය කරන විමාරස්ථානයට සම්බන්ධ දායක ප්‍රජවෙි සංවර්ධනය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් සිදු කරන නාහිමි  නිතිපතා ධර්ම දේශනා, සංස්කෘතික වැඩසටහන් සහ සදාචාරාත්මක අධ්‍යාපනය වැනි වැඩ සටහන්ද ක්‍රියාත්මක කරනු ලබයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධපුත්‍රයාණන් කෙනෙකු වු නාහිමි අන්තර් ආගමික සබඳතා පුළුල් කර සමාජය තුල සාමය සමඟිය ඇති කරිමට මහත්සේ වෙහෙසවන 

යථිවරයාණ කෙනෙකි.

අම්බුළුවාව නිර්මාණය කිරිමෙිදී දි.මු.ජයරත්න මැතිතුමා සමීපයේ සිටිමින් අනුශාසනා කරමින් මඟ පෙනවමින් කටයුතු කල නාහිමි එදා මෙදා තුර අම්බුළුවාව පරිශ්‍රයේ සිදු කරන සෑම ආගමික කටයුත්තකදීම නායකත්වය ගෙන කටයුතු කරන්නේය.