- +94 71 272 4724
- [email protected]
- Mon - Fri: 7:30 - 17:00
සිවම් ඥාණසේකරන් මහතා මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි.ස්ව උත්සහයෙන් හා කැපවීමෙන් ව්‍යාපාර ගොඩනඟා ගෙන ඇති ඔහු කොළඹ රාජ් සුපර් හා ගම්පොල ලංකා ස්ටෝර්ස් හි එකම හිමිකරුවාය.එමෙන්ම ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (පුද්ගලික) සමාගමේ තොග නියෝජිතයා ලෙස කටයුතු කරන ඔහු නාවලපිටිය
ග්‍රෑන්ඩ් පැවිලියන් බැන්කට් හෝල් හි අධ්‍යක්ෂවරයා ලෙසද අර්චනා කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ / සභාපති ලෙසද කටයුතු කරන්නේය.වසර 40ක ව්‍යාපාරික අත්දැකිම් ඇති ඥාණසේකරන් මහතා ව්‍යාපාර ක්ෂේත්‍රයේ බහුවිධ ගැටලු විසදීම පිළිබඳ මනා දැනුමක් හා අත්දැකිම් බහුල අයෙකි.ස්වාධිනව නිවැරදි තීරණ ගැනිමට හා ඒවා ක්‍රියාත්මක කර සාර්ථකත්වයට පත් ඔහු දක්ෂ තුන් ඉරියව් ක්‍රිඩකයකි.
මූල්‍ය කළමනාකරණය සංකීර්ණ ගැටළු විසඳීම ව්‍යාපාර ඉලක්ක සැලසුම් කිරිම ඵලදායී සන්නිවේදනය කාල කළමනාකරණය කණ්ඩායම්
ගොඩනැගීමේ කුසලතාවය අනුකූලතා කුසලතා, සිදුවීම් කළමනාකරණය අන්තර් පුද්ගල කුසලතා,විවෘත කතා කිරීම විවේචනාත්මක චින්තනය නිර්මාණශීලිත්වය සාකච්ඡා භාෂා පිළිබඳ නිපුණතාව ව්‍යාපාර විශ්ලේෂණය ස්වයං අභිප්‍රේරණය ආදි ක්ෂේත්‍රයන් ගෙන් පිරිපුන් ඥාණසේකරයන් පරිත්‍යාගශිලි සමාජසේවකයකු ලෙසද ප්‍රකටය.අම්බුළුවාව ආගමික පරිශ්‍රය තුල හින්දු කෝවිල ඉදි කිරිමේදී මුලිකත්වය ගෙන කටයුතු මෙතුමා සෑම වැදගත් අවස්ථාවකදීම අම්බුළුවාව හින්දු කෝවිලේදී හින්දු ආගමට ආවෙිණික සම්ප්‍රදායානුකුල
පුජාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාමද අමතක නොකරන්නේය.අම්බුළුවාව පරිශ්‍රයතුල සිදු කරන සියලු කටයුතුවලදී සිය පෞද්ගලික ධනය කැපකරමින් කටයුතු ඥාණසේකරන් අම්බුළුවාව ව්‍යාපෘතිය ආරම්භයේ සිටම එහි ප්‍රගතිය වෙනුවෙන් කැප වු අයෙකි.